අහුංගල්ලේ වෙඩි තැබීමක්
04 October 2026
අහුංගල්ලේ වෙඩි තැබීමක්
04 October 2026
අහුංගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේදී නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද (04) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 74ක් වූ ගල්වෙහෙර, අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරන අතර නිවසේ ජනේලයක් තුළින් ගිනි අවිය යොමු කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

