Best News Website award
brand logo
logo
Jensen Huang යළිත් Nvidia ප්‍රධාන විධායක ධුරයට

Jensen Huang යළිත් Nvidia ප්‍රධාන විධායක ධුරයට

23 November 2026


අද (23) දින Nvidia සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස Jensen Huang යළිත් පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.


චීන ඔත්තුකාරියක යැයි සැක කාන්තාවක් සහ Jensen Huang අතර පැවති සබඳතාවක් පිළිබඳ වාර්තාවීමත් සමඟ Nvidia අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කරන ලදී. ඒ අනුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජෙන්සන් හුවාන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව පිළිගත් බව සඳහන්ය.


කෙසේවෙතත්, හුවාන් සමග පැවැත්වූ සාකච්ඡා සහ හමුවීම් මාලාවකින් අනතුරුව ඔහුගේ විවෘතභාවය සහ සමාගම මෙහෙයවීමේ හැකියාව පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලය සෑහීමකට පත්ව තිබේ.


ජෙන්සන් හුවාන්ගෙන් ජාතික ආරක්ෂාවට කිසිදු අවදානමක් එල්ල නොවන බවට තමන් විශ්වාස කරන බව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කර ඇති අතර, අදාළ තීරණය ගැනීමට පෙර අමෙරිකානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ගෙන්ද අදහස් ලබාගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි. ඒ අනුව ජෙන්සන් හුවාන් යළි ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්කිරීමට තීරණය කිරීම විශේෂත්වයකි.

 

More News..