වගා හානි සතුන් ගැන විධිමත් තීරණයක්
04 March 2026
වගා හානි සතුන් ගැන විධිමත් තීරණයක්
04 March 2026
මිනිස් වාස භූමි සහ වගා භූමි ආශ්‍රිතව සැරිසරන වන සතුන්ගෙන් බෝග වගාවන්ට සහ ජන ජීවිතයට සිදු වන හානි අවම කිරීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිනිස් වාසස්ථාන සහ වගා භූමි ආශ්‍රිතව සැරිසරන අලි ඇතුන්, වල් ඌරන්, වඳුරන්, රිලවුන්, දඬුලේනුන් හා මොනරුන් වැනි වන සතුන් විසින් සිදු කරනු ලබන භෝග හානි හේතුවෙන් මෙරට ග්‍රාමීය කෘෂිකාර්මික ජීවනෝපායන්ට සහ ආහාර සුරක්ෂිතතාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ. එමෙන්ම, ඒ ආශ්‍රිතව වනජීවී - මිනිස් ගැටුම් හා දේපළ විනාශ වීම බහුලව වාර්තා වන අතර බරපතල අන්දමින් සමාජ හා ආර්ථික ගැටලු උද්ගත වීම ද සිදුව ඇත. එබැවින්, වන සතුන්ගෙන් සිදු වන වගා හානි සහ ජන ජීවිතයට සිදු වන හානි
කළමනාකරණය කිරීම සඳහා මහජනතාව, විශ්ව විද්‍යාල ප්‍රජාව, ගොවි සංවිධාන, පරිසරවේදීන්, පාරිසරික ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අදාළ අනෙකුත් ආයතන ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් මත පදනම්ව පුළුලි වැඩසටහනක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබ තිබේ.
ඒ පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන, එම වැඩසටහනෙහි ඇතුළත් යෝජනා සමාලෝචනය කර, තවදුරටත් හඳුනාගනු ලබන නව යෝජනා ඇතුළත් කරමින් එකී වැඩ සටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ අනෙකුත් අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී

