නුවරඑළිය සදතැන්නේ හිරු උදාව නරඹන්න යළි සංචාරකයින්ට අවස්තාව
11 February 2024 | ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය
නුවරඑළිය සදතැන්නේ හිරු උදාව නරඹන්න යළි සංචාරකයින්ට අවස්තාව
11 February 2024 | ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය
නුවරඑළිය සදතැන්න පාරිසරික කලාපයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයට් හිරු උදාව නැරඹීම සඳහා නැවත අවසර ලබාදීමට හා අවශ්‍ය පහසුකම් සැපයීමට කඩිනමින් කටයුතු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් වූ ගමගේ පවසයි.
ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ නුවරඑළිය සදතැන්න සංචාරක කලාපයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ පසුගිය 09දා හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.
සදතැන්න (MOON PLAINS) නුවරඑළිය නගරයේ සිට කිමී 5 ක පමණ දුරකින් පිහිටි සදතැන්න සුන්දර සංචාරක කලාපයකි.
නුවරඑළිය සීතාඑලිය බීජ අර්තාපල් ගොවිපළ පසුකර තවත් කි මී 3 ක් ගිය තැන සදතැන්න හමුවන අතර මෙම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 6200 ක උසකින් යුතු සදතැන්න අවට ප්‍රදේශය ම අංශක 360 ක දර්ශනය නැරඹීමට කදිම ස්ථානයකි.
ලංකාවේ උසම කදු මුදුන් 10 න් 9 ක්ම දර්ශනය වීම සදතැන්නේ විශේෂත්වයකි.
ස්භාවධර්මයේ අපුරු නිර්මාණයක් වූ සදතැන්න ප්‍රදේශය නැරඹීමට යා හැකි වන්නේ බීජ අර්තාපල් ගොවිපළ අසලට පැමිණ ගමන් කළ හැකි අතර මෙහි ඇති මනස්කාන්ත භූමි දර්ශන මෙන්ම පාරිසරික සුන්දරත්වය ලංකාවේ කිසිම තැනකවත් දැකගත නොහැකිය.
එමෙන්ම එහි හිරු උදාව නිරීක්ෂණය සංචාරක ආකර්ෂණය ලබා ගත් අවස්ථාවක් වුවද විවිධ හේතු නිසාවෙන් ඒ සදහා ඇති පහසුකම් නොමැති බව ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධකයින් විසින් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමත් සමගම මෙම ප්‍රදේශයට සංචාරය කරමින් මෙම සංචාරක කලාපයේ පවතිව අඩුපාඩු පිළිබදව පැමිණ සිටි පිරිස සමගා සකච්ඡා කළ ආණ්ඩුකාරවරයා කියා සිටියේ සදතැන්න සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් සදහා අවශ්‍ය පහසුකම් ඇති කිරිමට කටයුතු කරන ලෙසත් රටක් ලෙස ආර්ථික වශයෙන් නැගි සිටිමට උත්සහ කරන මෙම අවස්ථාවේදි සියලු දෙනා භේද පසෙකලා ආර්ථික සමාජිය දියුණුව උදෙසා තම යුතුකම් සහ වගකිම් නිසි ලෙස වටහාගෙන කටයුතු කිරිම වැදගත් බවය.