ගෙවීගිය මාස 6ට ඒඩ්ස් රෝගීන් 238ක්
13 October 2026 | ශිරාන් රණසිංහ
ගෙවීගිය මාස 6ට ඒඩ්ස් රෝගීන් 238ක්
13 October 2026 | ශිරාන් රණසිංහ
මෙම වසරේ ගෙවීගිය මාස හයක කාලය තුළ මෙරටින් එච්.අයි.වී. ඒඩ්ස් රෝගීන් 238 ක් හමු වී ඇතැයි ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන කියයි.
මේ වන විට මෙරටින් එච්.අයි.වී. ඒඩ්ස් රෝගීන් 7890 ක් හමු වී ඇති අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙය පැතිරීම සෙසු දිස්ත්‍රික්කවලට වඩා වැඩි බවද එම වැඩසටහනෙහි වෛද්‍යවරු කියා සිටිති.
2025 වසරේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 860 ක් වාර්තා වී තිබූ අතර මේ වන විට වයස අවුරුදු 15 ත්, 24 වයස්වල සිටින තරුණ පිරිස් එච්.අයි.වී. ඒඩ්ස් රෝගීන් බවට පත්වන බවද වෛද්‍යවරු කියා සිටිති.
එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන සඳහන් කරන්නේ එච්.අයි.වී ඒඩ්ස් වේගයෙන් පැතිර යන රටවල් විසිඑකක් අතර දාහත්වැනි තැන ශ්‍රී ලංකාවට හිමිව ඇති බවයි.
ශ්‍රී ලංකාවේ පිරිමින් එච්.අයි.වී. ඒඩ්ස් රෝගයට වැඩිපුර ගොදුරු වී ඇතැයිද එන්නත් මගින් මත්ද්‍රව්‍ය ලබා ගැනීම ආදිය ඊට බලපා ඇතැයි ද ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි වෛද්‍යවරු කියා සිටිති.

