brand logo
logo
සිවිල් ආරක්ෂක භටයන්ගේ බිරින්දෑවරුන්ගෙන් නිහඬ විරෝධතාවක්

සිවිල් ආරක්ෂක භටයන්ගේ බිරින්දෑවරුන්ගෙන් නිහඬ විරෝධතාවක්

21 October 2026 | සිඩ්නි රුවන් උබේපාල-කහටගස්දිගිලිය


මේ වන විට සිවිල් ආරක්ෂින භඨයින් දුර බැහැර ප්‍රදේශවල විශේෂ රාජකාරි වලට යොදාවා දින කිහිපයකට පසු එම ස්ථානවලටම ස්ථාන මාරු කිරීමේ ක්‍රියාවලියක් බලධාරින් හිතුමතේ සිදුකරමින් සිටින බව පවසා සිවිල් ආරක්ෂක භඨයින්ගේ බිරින්දෑවරු ඊයේ(20) කැබිතිගොල්ලෑව සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානය ඉදිරිපිටට පැමිණ නිහඩ විරෝධතාවක නිරත වූහ.


මේවන විට සිවිල් ආරක්ෂක භඨයින් සිය රැකියා අත්හැර දමා නිවෙස් වලට පැමිණීමේ ප්‍රවනතාවයද වැඩි වී ඇති බවද පැමිණි පිරිස එහිදී සඳහන් කරති.


ස්වාමිපුරුෂයින් නිවෙස්වලට රැකියා අත හැර දමා පැමිණෙමින් සිටින විට ඇතැම් කාන්තාවන් විදේශ ගත වීමටද සැරසී ඇති බවත් සිය ආර්ථිකය සහ පවුල් ජීවිත පවා මෙම ගැටලුව මත බිද වැටී ඇති බවත් විරෝධතා කරුවන් සඳහන් කළෝය .


එයට විරෝධය පලකරමින් බිරින්දෑවරුන් එම අවස්ථාවේදී ඉල්ලා සිටියේ සිය සැමියන්ව පමණක් දුර බැහැර ප්‍රදේශවල රදවා නොගෙන සියලුම භඨයින්ට එම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා සරිලන වැටුපක් ලබා දෙන ලෙසත්ය.


අනතුරුව විරෝධතාකරුවන් සිය ගැටලු පිළිබඳ ලිඛිතව බලධාරින් දැණුවත් කිරීමට කටයුතු කළේය.


ඒ අනුව නිලධාරින් විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර ඇති අතර ඉහලින් පැමිණෙන උපදෙස් අනුව තමන්ට කටයුතු කිරීමට සිදුව ඇති බව විරෝධතාකරුවන්ට බලධාරින් පවසා ඇත.


ඒ අනුව විරෝධතාකරුවන් ඉදිරියෙදී ඉහල බලධාරින් හමුවීමට අපේක්ෂාවෙන් බලකා මූලස්ථානය ඉදිරිපිටින් ඉවත්ව ගියේය.

 

More News..