brand logo
logo
අඟුලානේදී අනතුරට පත්වූ යාත්‍රාව කොළඹ නැව් තටාකාංගන පරිශ්‍රයට රැගෙන එයි

අඟුලානේදී අනතුරට පත්වූ යාත්‍රාව කොළඹ නැව් තටාකාංගන පරිශ්‍රයට රැගෙන එයි

13 September 2026

අඟුලාන මුහුදේදී අනතුරට පත්ව මුහුදුබත්වූ නාවික හමුදාවේ P 4447 වේග ප්‍රහාරක මුර යාත්‍රාව මේ වනවිට කොළඹ නැව් තටාකාංගන පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.


මුහුදේ රළු ස්වභාවය සහ දිය යට තත්වයන් හමුවේ ක්‍රමිකව හා සම්මත ආරක්‍ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ක්‍රියාත්මක කළ දීර්ඝ හා සංකීර්ණ මෙහෙයුමකින් අනතුරුව එය පසුගිය 11 වැනිදා සාර්ථකව ගොඩගන්නා ලදී.


එම යාත්‍රාව මුහුදු පතුලේ අඩි 80ක පමණ ගැඹුරක තිබූ බව නාවික හමුදාව සඳහන් කළේය.


මුර සංචාරයක නිරතව සිටියදී, 2026 අගෝස්තු මස 15 වැනි දින මෙම යාත්‍රාව අනපේක්ෂිතව අනතුරකට මුහුණදුන් බව සඳහන්ය.

ඒ් වනවිට එම යාත්‍රාවේ කාර්යය මණ්ඩලය සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය සහ අඟුලාන ප්‍රදේශයේ ධීවර ප්‍රජාව හා එක්ව සිදුකෙරිණි.


එම සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ එකොලොස් දෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීම සහ යාත්‍රාවේ දෙවන අණභාර නිලධාරීගේ දේහය 2026 සැප්තැම්බර් මස 04 වැනි දින සොයා ගැනීමට නාවික හමුදාව සමත්විය. 

 

More News..