කසළ ගැටලුවට දුන් විසඳුමට වතු කම්කරුවන්ගෙන් විරෝධය
19 September 2026 | රංජිත් රාජපක්ෂ- හැටන්
කසළ ගැටලුවට දුන් විසඳුමට වතු කම්කරුවන්ගෙන් විරෝධය
19 September 2026 | රංජිත් රාජපක්ෂ- හැටන්
හැටන් දික්ඔය නගර සභාවේ පවතින කසල බැහැර කිරිමේ ගැටළුවට ස්ථිර විසදුමක් ලෙස හැටන් කොළඹ පැරණි මාර්ගයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවට අයත් ඉඩමක ගල් කොරියක් තුල අධිතාපී කසල දාහකයක් සවි කිරිමට යෑම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් හැටන් ඇබෝස්ලි වතුයායේ වතු කම්කරුවන් අද (19) වැඩ වර්ජනයක නිරත විය.
එම ගල්කොරිය අසළ සිට පා ගමනින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය අසළ පිහිටි ශැනන් තේ කර්මාන්ත ශාලව අසළට පැමිණි වතු කම්කරුවන් කියා සිටියේ, තම වතුයායට මායිම්ව පිහිටි එම ගල් කොරිය තුල අධිතාපි කසළ දාහකය සවි කිරිම තුලින් පරිසර ගැටළු රැසක් මතු වීමට ඉඩ ඇති බවයි.
එම නිසා හැටන් දික්ඔය නගර සභාවේ කැලි කසල ගැටළුවට විසදුම් ලබා දීම සදහා තම වතුයායෙන් පිටත සුදුසු ස්ථානයකට රැගෙන ගොස් එම යන්ත්‍රය සවි කරන ලෙස ඔවූන් කියා සිටී.
එමෙන්ම, මේ සදහා හැටන් දික්ඔය නගර සභා සීමාවේ ඕනෑ තරම් ඉඩම් තිබියදි තමන් සමග කිසිදු සාකච්ඡාවක් හෝ නොකර එම යන්ත්‍රය රැගෙන විත් තම වතුයායේ ඉඩමට මායිම්ව සවි කිරිමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි උද්ගෝෂණයේ නිරත වතු කම්කරුවන් කියා සිටියේ.
හැටන් දික්ඔය නගර සභාවේ පවතින උග්‍ර කැලි කසල බැහැර කිරිමෙ ගැටළුවට විසදුම් වශයෙන් රජය මගින් රු. මිලියන 60ක ප්‍රතිපාදන යටතේ පරිසර හිතකාමී ලෙස එම අධීතාපී කසල දාහකයෙන් කැලි කසල දහනය කිරිම සදහා එම ඉඩමේ එම දාහකය සවි කිරිමට මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතිය ද ලබා දි ඇත.
එම අධිතාපී කසල දාහකය සවි කරන ස්ථානය නිරික්ෂණය කිරිමට ඊයේ දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශෞෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මංජුල සුරවීරආරච්චි මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

