ශිරාන් බාසික්ගේ පියා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
25 September 2026
ශිරාන් බාසික්ගේ පියා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
25 September 2026
ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් නැමැත්තා යළිත් ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඔහුට එරෙහි නඩුව අද (25) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීය.
එහිදී ශිරාන් බාසික්ගේ මුදල් මෙරටට රැගෙන ඒම සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන සම්පත් අත්තටගේ ද මෙම නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කිරීම ද සිදු කෙරිණි.
ඒ අනුව විදේශ ගතව සිටින සැකකරු මෙරටට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගන්න ලෙසට ද අධිකරණය නියෝග කළේය.
අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් පසුගිය සැප්තැම්බර් මස 11 වැනිදා අත්අඩංගුවට ගනුලැබුවේ, ශිරාන් බාසික් නැමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 03ක මුදලක් වැය කරමින් ගම්පහ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් තමන්ගේ නමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළවය.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

