තහනම් ධීවර දැල් 274ක් සමඟ සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට
20 November 2026
තහනම් ධීවර දැල් 274ක් සමඟ සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට
20 November 2026
යාපනය ප්‍රදේශයේදී තහනම් ධීවර දැල් දෙසිය හැත්තෑ හතරක් සමගින් පුද්ගලයෙක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 48ක් වන යාපනය ප්‍රදේශයෙහි පදිංචි අයෙකි.
ලද තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.
තවද, අත්අඩංගුවට ගත් එම සැකකරු සහ තහනම් ධීවර දැල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදී ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.


