නීති විරෝධීව ගෙන ආ වියළි ඉඟුරු තොගයක් නාවික හමුදා භාරයට
13 October 2026
නීති විරෝධීව ගෙන ආ වියළි ඉඟුරු තොගයක් නාවික හමුදා භාරයට
13 October 2026
කල්පිටිය තලවිල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නාවික හමුදාව විසින් අද (13) සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් නීති විරෝධීව මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියළි ඉඟුරු තොගයක් සිය භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් තලවිල මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළ බවය.
එහිදී එම මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ සැකකටයුතු උර 26ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම වියළි ඉඟුරු තොගය නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ මෙහි වියළි ඉඟුරු කිලෝ 1,189කට අධික තොගයක් පැවැති බවත් නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් මෙය අතහැර දමා යන බවට සැකකරන බවය.
ඒ අනුව මෙම තොගය නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇති බවද නාවික හමුදාව සඳහන් කළේය.

