brand logo
logo
උත්සව සමයේ ලුණු හිඟයක්

උත්සව සමයේ ලුණු හිඟයක්

05 December 2024 | ජුඩ් සමන්ත - පුත්තලම

පසුගිය වසර එක හමාරක පමණ කාලයක් පැවැති වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ප්‍රමාණවත් තරම් ලුණු අස්වැන්නක් නෙළා ගැනීමට නොහැකි වීමෙන් ඉදිරි උත්සව සමයේදී ලුණු හිඟයක් ඇති වී ඒ හරහා මිල ඉහළ යාමට හැකි බවට ව්‍යාපාරිකයෝ අනතුරු අඟවති.


එම නිසා ඊට පිළියමක් ලෙස ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ කඩිනමින් ඉන්දියාවෙන් ලුණු ආනයනය කළ යුතු බවය.


වර්ෂාව හේතුවෙන් ලුණු නිෂ්පාදනයක් සිදු වී නොමැති අතර ඉතා සුළු වශයෙන් හෝ ලේවායන්වල නිෂ්පාදනය වූ ලුණු වැස්ස හේතුවෙන් නෙළා ගැනීමටද ව්‍යාපාරිකයන්ට නොහැකි වී ඇත.


මේ අතර වැසි ජලය ලුණු පාත්තිවලට එකතු වීම නිසා විශාල වශයෙන් ලුණු දියවී විනාශයට පත්ව ඇති බවද ව්‍යාපාරිකයෝ සඳහන් කරති.


සෞඛ්‍ය අංශ සඳහන් කරන ආකාරයට පුද්ගලයකු දිනකට සාමන්‍යයෙන් ලුණු ග්‍රෑම් 05ක ප්‍රමාණයක් ආහාරයට ගත යුතු වේ.


ඊට අමතරව කෙටි ආහාර සහ කරවල නිෂ්පාදනයටද ලුණු කිසියම් ප්‍රමාණයක් භාවිත කරන අතර තවත් පිරිසක් කෘෂිකාර්මික කටයුතුවලටද ලුණු යොදා ගනිති.


ඒ අනුව බලන විට වසරකට අවම වශයෙන් ලුණු මෙට්‍රික් ටොන් 38325ත්, මෙට්‍රික් ටොන් 46,000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.


හම්බන්තොට, පුත්තලම, යාපනය සහ මන්නාරම ප්‍රදේශයේ ඇති පෞද්ගලික සහ රජයේ ලේවායන්වල පමණක් මෙරට ලුණු නිෂ්පාදය කරති.

 

More News..