brand logo
logo
බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සේනක පල්ලේතැන්න මහතා පත් කරයි

බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සේනක පල්ලේතැන්න මහතා පත් කරයි

09 August 2026


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සේනක පල්ලේතැන්න මහතා පත් කර තිබේ.


අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇත.


ඒ මහතා මීට පෙර මහර බන්ධනාගාර අධිකාරී සහ පුහුණු අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර තිබේ.


සේනක පල්ලේතැන්න මහතා ගාල්ල රිච්මන් විද්‍යාලයේ ආදි සිසුවෙක් වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ මත්ද්‍රව්‍ය දුර්භාවිතා අධ්‍යනය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවද ඒ මහතා හදාරා ඇත.


තවද ඉන්දියාවේ කේරලයේ විශෝධනය සහ කලෙවිශෝධනය කළමනාකරණය සම්බන්ධව ඩිප්ලෝමා පාඨමාලාවක්ද හදාරා ඇති ඒ මහතා මත්ද්‍රව්‍ය දුර්භාවිතය පිළිබඳව ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින, තුර්කිය වැනි රටවල්වල ඩිප්ලෝමා පාඨමාලා රැසක්ද හදාරා ඇත.

 

More News..