brand logo
logo
පළාත් හතරක මී උණ අවදානමක්

පළාත් හතරක මී උණ අවදානමක්

05 August 2026 | •සුනිල් රූපසිංහ - පල්ලේපොළ


ගංවතුර අවදානම සමග මධ්‍යම, සබරගමු, බස්නාහිර හා දකුණ යන පළාත් හතරක පාචනය මී උණ ඇතුළු බෝවන රෝග පැතිර යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.


පාචනය, මී උණ, බෝවන සෙංගමාලය, ඩෙංගු සහ අපිරිසුදු ජලයේ ක්‍රීඩා කිරීම දිය නෑමෙන් දරුවන් අතර කුෂ්ඨ රෝගීන් පැතිර යාමයේ අවදානමක් පවතින බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ අනතුරු අඟවයි.


අපිරිසුදු ජලයෙන් මී උණ රෝගය පැතිර යාමේ අවදානමක් ඇති බැවින් වැළැක්වීමේ ප්‍රතිකාර ලබාගත යුතු බවත් ආසන්නයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් නොමිලේ ඖෂධ සැපයීමට පියවර ගෙන තිබෙන බවත් පැවසීය.


මේ අතර පාචනය, බෝවන සෙංගමාලය, කුෂ්ඨ රෝග, ඩෙංගු ඇතුළු බෝවන රෝග ලක්ෂණ ඇතිවූ සැණින්ම තමන්ට ආසන්නයේ රජයේ රෝහලින් හෝ පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ගත යුතු බවද ඔහු පැවසීය. අපිරිසුදු ජලය ක්‍රීඩා කිරීම සෙල්ලම් කිරීම, පිහිනීම ඇතුළු කටයුතුවලට දරුවන් යොමු කිරීම නොකළ යුතු බව ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

 

More News..