brand logo
logo
 සූදු ක්‍රීඩා නියාමනය සැප්තැම්බර් අවසානයේ සිට

සූදු ක්‍රීඩා නියාමනය සැප්තැම්බර් අවසානයේ සිට

16 July 2026 | නිලන්ත මදුරාවල


සූදු ක්‍රීඩා නියාමන අධිකාරියට ලබන සැප්තැම්බර් අවසානයේ සිට නියාමන කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි එම අධිකාරියේ සභාපති වසන්ත නවරත්න බණ්ඩාර මුදල් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබේ.


මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ පෙරේදා (14 වැනිදා) පැවැති එම කාරක සභාවට එම අධිකාරිය කැඳවා තිබූ අවස්ථාවේදීය.


නියාමනය ආරම්භ කරන බව වරින් වර අසා තමන් වෙහෙසට පත්ව තිබෙන බව සභාපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මුදල් කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා කීවේය.


‘‘නියාමන කටයුතුවලට අදාළ රෙගුලාසි ඇතුළත් කෙටුම්පත සකස් කර අවසන්. එම රෙගුලාසි අධ්‍යයනය කිරීමට නීති ක්ෂේත්‍රයේ විද්වත් කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටුවේ සලකා බැලීමෙන් පසු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවනවා’’ යැයි අධිකාරියේ සභාපතිවරයා පැවසීය.


‘‘2022 වසරේ සිට මාස තුනෙන් තුනට මේක ක්‍රියාත්මක කරනවා කියලා අහලා දැන් වෙහෙසයි. සූදු නියාමනය ප්‍රමාද වෙන්න වෙන්න ඇති වන්නෙ ගැටලු. ක්‍රිකට්වල දෙවැනි බෝලයේ සිට සූදුව පටන් ගන්නවා. ළමයි ඇබ්බැහි වෙනවා.’’ යැයි මුදල් කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.


නියාමන අධිකාරිය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත ක්‍රියාවලියක නිරතව සිටින බව පෙනෙන්නට නැතැයි කාරක සභාවට එක්ව සිටි කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ ද කීවේය.

 

More News..