2026 ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොට එක්වෙයි
23 February 2026
2026 ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොට එක්වෙයි
23 February 2026
ලොව සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Tripadvisor විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ "Travelers’ Choice Awards Best of the Best" ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 10 අතරට ශ්‍රී ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට වෙරළ තීරයන් තේරී පත්ව ඇත.
මෙම ලැයිස්තුවේ මිරිස්ස වෙරළ තීරය 05 වන ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇති අතර, බෙන්තොට වෙරළ තීරය 07 වන ස්ථානය හිමිකරගෙන තිබේ.
Tripadvisor ආයතනය සඳහන් කරන පරිදි "Best of the Best" සම්මානය පිරිනමනු ලබන්නේ සංචාරක ක්ෂේත්‍රයේ ඉහළම ගුණාත්මකභාවය අගය කරමිනි.
පසුගිය මාස 12 ක කාලය තුළ ලොව පුරා සංචාරකයින් ලබාදුන් අතිවිශාල සමාලෝචන ප්‍රමාණය සහ ඔවුන්ගේ ප්‍රසාදය මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බව සඳහන් වේ.
දකුණු වෙරළ තීරයේ පිහිටි මිරිස්ස, එහි ඇති ස්වභාවික සුන්දරත්වය සහ නිසල ජලය හේතුවෙන් සංචාරක ආකර්ෂණය දිනා ඇත.
මිරිස්ස වෙරළ තීරයේ, සර්ෆින් ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධ ස්ථාන සහ Coconut Tree Hill ආශ්‍රිතව නැරඹිය හැකි හිරු බැස යන දර්ශනය Tripadvisor හි විශේෂ ඇගයීමට ලක්ව තිබේ.
බෙන්තොට වෙරළ තීරය ජල ක්‍රීඩා සඳහා ලොව සුප්‍රකට ගමනාන්තයකි. සර්ෆින් සඳහා පවතින පහසුකම් මෙන්ම එහි ඇති සුදු වැලි තලාව සංචාරකයින්ගේ ඉහළම මනාපය දිනා ගැනීමට හේතු වී ඇත.
2026 වසරේ ආසියාවේ හොඳම වෙරළ තීරයන් ලයිස්තුව පහතින් දැක්වේ.
01. Banana Beach (Phuket)තායිලන්තය
02. Kelingking Beach (Nusa Penida)ඉන්දුනීසියාව
03. Radhanagar Beach (Havelock Island)ඉන්දියාව
04. Palolem Beach (Canacona)ඉන්දියාව
05. Mirissa Beach ශ්‍රී ලංකාව
06. White Beach (Panay Island)පිලිපීනය
07. Bentota Beach ශ්‍රී ලංකාව
08. Railay Beach (Krabi)තායිලන්තය
09. Nusa Dua Beach (Bali)ඉන්දුනීසියාව
10. Cenang Beach (Langkawi)මැලේසියාව
මෙම ජාත්‍යන්තර ඇගයීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු නොඅනුමානය.

