මලල ක්‍රීඩා පිටියෙන් මෙරටට රන් පදක්කමක්
28 May 2026
මලල ක්‍රීඩා පිටියෙන් මෙරටට රන් පදක්කමක්
28 May 2026
ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා සමත්ව තිබේ.
හොංකොංහිදී පැවැත්වෙන මෙවර තරගාවලියේ එම ඉසව්වේ දී ඇය විසින් වාර්තා කර ඇති කාලය මිනිත්තු 04යි තත්පර 31යි දශම 4යි එකකි.
එම ඉසව්වේ රිදී පදක්කම ඉරාන ක්‍රීඩිකාව විසින් හිමිකරගෙන ඇති අතර ලෝකඩ පදක්කම හිමිකරගෙන ඇත්තේ කොරියානු ක්‍රීඩිකාවකි.
මේ අතර ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 3000 ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක විදූෂාන් රාජේන්ද්‍රන්ට එම ඉසව්වේ 6 වන ස්ථානය හිමිව තිබේ.

