කස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමියෙන් ඉවත්වන ලෙස නියෝගයක්
07 November 2026
කස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමියෙන් ඉවත්වන ලෙස නියෝගයක්
07 November 2026
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයේ නිතර පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස දන්වමින් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇත.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ IX පරිච්ඡේදයේ 106 (1) වගන්තිය ප්‍රකාරව හදිසි අවස්ථාවලදී මහජන පීඩාවක් වැළැක්වීම සඳහා තාවකාලිකව කරනු ලබන ආඥාවක් ලෙස මෙම නියෝගය නිකුත්කර තිබේ.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි හා උදිත නිශාන්ත යන අය සමග සිටින සියළුම ස්වාමීන් වහන්සේලා සහ පුද්ගලයන් විසින් ඉදිකර ඇති තාවකාලික කුඩාරම් ඉවත්කර, පූජාභූමිය ප්‍රදේශයෙන් අද ප.ව. 2.ට ඉවත්වන ලෙසට දැනුම්දීමක් සිදුකර තිබී ඇත.
නමුත් එම පරිශ්‍රයෙන් සාමකාමීව ඉවත් වන ලෙසට දැනුම් දී තිබිය දී එයින් ඉවත් නොවී අඛණ්ඩව විරෝධතාව හා සත්‍යග්‍රහයක් කරන බවටත්, රුවන්වැලි සෑය වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් හට අවහිර කරමින් විරෝධතාවයක් හා සත්‍යග්‍රහයක් කරන බවට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
අදාළ අධිකරණ නියෝගයට අනුව රුවන්වැලි සෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් විය යුතුය.
තවද පූජා භූමියේ පුරාවිද්‍යා ස්මාරකවලට කිසිදු හානියක් හෝ අලාභයක් සිදුනොකළ යුතු බවත්, ඉදිකර ඇති තාවකාලික කුඩාරම් ඉවත් කිරීමට කටයුතු කල යුතු බවත් අදාළ නියෝගයේ වැඩිදුරටත් දැක්වේ.
ඒ අනුව අධිකරණය විසින් අන්‍යාකාරයකින් විධානය කිරීමකින් තොරව අද සිට දින 14ක කාලයක් මෙම ආඥාව බලපැවැත්වෙන බව මහෙස්ත්‍රාත්වරයා නිකුත්කළ නියෝගයේ සඳහන්ය.

