brand logo
logo
ශ්‍රී ලංකා පිල ලකුණු 485යි

ශ්‍රී ලංකා පිල ලකුණු 485යි

20 June 2025

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී ලකුණු 485ක් රැස්කර ගැනීමට සමත් විය.


ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 187ක් රැස්කර ගැනීමට සමත් විය.


ඔහුගේ එම ලකුණු සංඛ්‍යාව හතරේ පහර 23ක් සහ හයේ පහරක් ද ඇතුළත් වේ.


ඊට අමතරව කමිදු මෙන්ඩිස් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 87කි.


දිනේශ් චන්දිමාල් ලකුණු 54ක් රැස්කර ගැනීමට සමත් විය.


පන්දු යැවීමේදී බංග්ලාදේශ පිල වෙනුවෙන් නයීම් හසන් කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.


හසන් මුහම්මද් දවා ගත් කඩුළු සංඛ්‍යාව 3කි.


මෙම තරගයේ පළමු ඉනිම සදහා බංග්ලාදේශ කණ්ඩායම රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 495කි.


ඒ අනුව ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට වඩා ලකුණු 10ක් ඉදිරියෙන් සිටියි.

 

More News..