මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු කැස්බෑවදී අත්අඩංගුවට
29 November 2026
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු කැස්බෑවදී අත්අඩංගුවට
29 November 2026
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් තිදෙනෙකු කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තම 30 හැවිරිදි සැමියා අතුරුදන්ව ඇති බවට කාන්තාවක විසින් පසුගිය නොවැම්බර් 24 වැනිදා පේරාදෙණිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී මෙම ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
කරුවලවත්ත, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ පුද්ගලයා අවසන් වරට සිය බිරිඳට පවසා ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ පදිංචි මිතුරෙකු හමුවීමට යන බවයි.
ඒ අනුව පේරාදෙණිය පොලිසිය විසින් කැස්බෑව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අතුරුදන්වීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ අතුරුදන් වූ පුද්ගලයා පසුගිය නොවැම්බර් 23 වැනිදා උදෑසන කැස්බෑව ප්‍රදේශයේදී සිය මිතුරෙකු හමුවී ඇති බවයි.
එහිදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එම මිතුරා තවත් පිරිසක් සමඟ එක්ව අදාළ පුද්ගලයා පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී ඝාතනය කර පසුව සිරුර කැලෑබද ප්‍රදේශයක වළ දමා ඇති බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනා ඊයේ (28) කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20, 36 සහ 37 යන වයස්වල පසුවන අතර, ඔවුන් මඩපාත සහ පොල්ගස්ඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
මේ අතර, ඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන සිරුර පිළිබඳ ස්ථානීය පරීක්ෂණයක් අද (29) කැස්බෑව මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


