රුපියල් කෝටි 4කට අධික කොකේන් සමග විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට
01 November 2026
රුපියල් කෝටි 4කට අධික කොකේන් සමග විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට
01 November 2026
රුපියල් හාර කෝටි අනූ හතර ලක්ෂ හතලිස් දහසක් වටිනා 'කොකේන්' මත්ද්රව්ය තොගයක් සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 64 හැවිරිදි දකුණු කොරියානු ජාතික වඩු කාර්මික ශිල්පියෙකි.
සැකකරු අද(01) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළේ මග හැරී තිබූ ගමන් මල්ලක් රැගෙන යාමට පැමිණි ඇති අතර එහිදී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඉකුත් 26 දින මෙම මත්ද්රව්ය තොගය රැගෙන සෞදි අරාබියේ ටබුක් ගුවන්තොටුපොළේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහුගේ මත්ද්රව්ය සහිත ගමන් මල්ල ඔහු පැමිණි ගුවන්යානයෙන් රැගෙන පැමිණ නොතිබුණු අතර පසුව වෙනත් ගුවන්යානයකින් එම ගමන් මල්ල කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණි.
මේ පිළිබද පොලිස්පතිවරයා වෙත ලද බුද්ධි තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

