ගල්ෆ් රටවලට එල්ලවූ ප්‍රහාර මෝදි හෙළා දකියි
20 March 2026
ගල්ෆ් රටවලට එල්ලවූ ප්‍රහාර මෝදි හෙළා දකියි
20 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවක් සිදුවී තිබේ.
දුරකථන මාර්ගයෙන් සිදු කළ එම සාකච්ඡාවේදී ඔවුන් කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත සහ නිදහස් නාවික ගමනාගමනය සහතික කිරීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය එහිදී එකඟතාවයකට පැමිණ ඇතැයි පැවසෙයි.
අග්‍රාමාත්‍ය මෝදි සිය දුරකථන සංවාදය අතරතුර ගල්ෆ් කලාපීය රටවලට එල්ලවූ සියලු ප්‍රහාර දැඩි ලෙස හෙළා දුටු බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයා සමඟ දිගටම එක්වී කටයුතු කිරීමට ද ඔහු එකඟත්වය පළ කර ඇත.

