මිතුරි සේවිකාවන්ගේ රන් ආභරණ උකස් කර නිවස තනන්න හැදූ කතක්
26 August 2026 | ඉසුරු අසංක- සපුගස්කන්ද / තෙවිදු දිනයන- දෙල්ගොඩ
මිතුරි සේවිකාවන්ගේ රන් ආභරණ උකස් කර නිවස තනන්න හැදූ කතක්
26 August 2026 | ඉසුරු අසංක- සපුගස්කන්ද / තෙවිදු දිනයන- දෙල්ගොඩ
බියගම නිදහස් වෙළෙද කලාපයේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කරන පුද්ගලික ආයතනයක සේවය කරන ම්තුරි සේවිකාවන්ගේ රන් ආභරණ, මංගල උත්සවවලට යාමට බව පවසමින් ඉල්ලා ගෙන ඒවා උකස් කොට වංචා කළ එම ආයතනයේම සේවිකාවක් බියගම පොලිසිය මගින් ඊයේ ( 25 ) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකාර සේවිකාව විසින් මෙසේ තම මිතුරු සේවිකාවන්ගෙන් ඉල්ලා ගත් එම රන් ආභරණ වල වටිනාකම රුපියල් ලක්ෂ 25 කට අධික වන බව පවසයි.
මේ වනවිට මේ සම්බන්ධව සේවිකාවන් පස් දෙනෙකූගෙන් පැමිණිලි ලැබි තිබෙන අතර එසේ ලබා ගත් එම රන් ආභරණ කඩුවෙල හා බියගම - බණ්ඩාරවත්ත යන ප්‍රදේශවල රන් ආභරණ උකස් ගන්නා මධ්‍යස්ථානවලට උකස් කර තිබේ.
මෙම සැකකාරිය විසින් මෙසේ රන් ආභරණ උකස් කර ලබා ගත් මුදල් ඇය විසින් ඉදි කර ගෙන යන නිවෙසට අවශ්‍ය.බඩු බාහිරාදිය මිලයට ගැනීම සදහා වැය කර තිබෙන බවට හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාර සේවිකාව බියගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි තැනැත්තියක් වන අතර ඇය මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
මෙම වැටලීමට බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණ විතාන මහතාගේ උපදෙස් අනුව විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත රාජකරුණා , උප පොලිස් පරීක්ෂක රෝහණ , පොලිස් සැරයන් ඩග්ලස් ( 48947 ) හා කාන්තා පොලිස් කොස්තාපල් කෞශල්‍යා ( 12937 ) යන නිලධාරිහු එක් වි සිටියහ.

