brand logo
logo
 වසරේ මුල් මාස 3ට ඩොලර් මිලියන 613ක වාහන ආනයන කරලා

වසරේ මුල් මාස 3ට ඩොලර් මිලියන 613ක වාහන ආනයන කරලා

02 May 2026


ශ්‍රී ලංකාව පසුගිය මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 195 ක වාහන මෙරටට ගෙන්වා ඇති බවත් එයට පුද්ගලික මෙන්ම වාණිජ වාහනද ඇතුළත් වන බවත් ශ්‍රී ලංකාව මහ බැංකුව පසුගියදා ප්‍රකාශ කළේය.


ඒ අනුව මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 613 ක වාහන මෙරටට ගෙන්වා ඇත. පසුගිය වසරේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව අප්‍රේල් මාසයේ සිට මෙරට වාහන ආනයනය ක්‍රමයෙන් වර්ධනය වූ අතර වසර අවසාන වනවිට සමස්ත වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.047 ක් විය.


කෙසේ නමුත් පසුගිය වසරේ පළමු කාර්තුවේදී මෙරට වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 61 ක් විය. 


ඒ අනුව පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී වාහන ආනයන වියදම සියයට 900 ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතත් මෙම වසර අවසාන වනවිට වාහන ආනයනය නැවතත් සාමාන්‍ය තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරයි.


වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව පසුගිය වසරේදී වාහන ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා තිබූ අතර එය තෙවැනි ස්ථානයට වැඩිම වාහන සංඛ්‍යාවක් ගෙන්වූ වසර විය.

 

More News..