'මීනගයා' රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය යළි ධාවනයට
23 February 2026
'මීනගයා' රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය යළි ධාවනයට
23 February 2026
'මීනගයා' රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (23) සිට යළිත් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එම දුම්රිය අද ප.ව. 07.00ට කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ගමන් ඇරඹීමට නියමිතය.
මෙම දුම්රිය, ආසන වෙන් කිරීමේ පහසුකම සහිත වායු සමනය කළ පළමු පංතියේ මැදිරියක් සහ දෙවන පංතියේ නිදන ආසන සහිත මැදිරි දෙකකින් යුතු වේ.
මේ සඳහා https://seatreservation.railway.gov.lk යන සබැඳිය ඔස්සේ ආසන වෙන් කිරීමේ පහසුකම සලසා දී ඇති අතර දුම්රිය ස්ථානයකට පැමිණීමෙන්ද ආසන වෙන් කිරීමේ පහසුකම මේ වන විට සලසා දී ඇත.
ඒ අනුව දුම්රිය ධාවනය වන කාලසටහන පහතින්,

