brand logo
logo
එරාජ් ප්‍රනාන්දුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා

එරාජ් ප්‍රනාන්දුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා

03 September 2026


සැකකටයුතු ලෙස මියගිය හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු ලබන 5 වැනි සෙනසුරාදා දිනයේ දී සිදුකිරීමට නියමිතය.


එදිනම උදෑසන බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක දේහය තැන්පත් කිරීමට නියමිත බවද ඒ මහතාගේ පවුලේ ඥාතීන් පවසයි.


හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඔහු පදිංචිව සිටි තිඹිරිගස්යායේ නිවාස සංකීර්ණයේ සිය නිවසේදී මියගොස් ඇති බවට බම්බලපිටිය පොලීසියට ඊයේ (02) උදෑසන ඇමතුමක් ලැබී තිබුණි.


ඒ අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ පරීක්ෂා කිරීමේදී නිවසේ දොරක් අසල ඔහුගේ මළ සිරුර වැටී තිබුණු බව පොලීසිය පැවසුවේය.


ඔහු දොරෙහි එල්ලී දිවි නසාගෙන ඇතැයි සැකකරන බව ද පොලීසිය සඳහන් කළේය.


එම නිවසෙහි ඔහු සේවකයෙකු සමඟ කාලය ගත කර ඇති අතර එම සේවකයා පසුගිය දිනක යම් කටයුත්තක් නිසා නිවසින් පිටව ගොස් තිබේ.


එරාජ් මහතාගේ බිරිඳ හා දරුවන්ද කැනඩාවේ ජීවත්වන බව වාර්තා වේ.


මේ අතර ඔහු අධික ණයබරකින් පෙළී ඇතැයි තොරතුරු වාර්තාවන බව ද පොලීසිය සඳහන් කළේය.

 

More News..