රුසියාවේ ප්‍රධාන පාලමකට ප්‍රහාර
17 November 2026
රුසියාවේ ප්‍රධාන පාලමකට ප්‍රහාර
17 November 2026
රුසියාව සහ ක්රෛමියා අර්ධද්වීපය යා කරන Crimea නැමැති ප්‍රධාන පාලම වෙත යුක්රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එයට හානි සිදුව ඇති බැවින් එය තාවකාලිකව වසා දමා ඇත.
එම පාලමේ කොටසක් ජලයට කඩා වැටී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප ද වාර්තා වේ.
එමෙන්ම පාලමට ඩ්‍රෝන මඟින් හානි සිදුව ඇති බව රුසියානු නිලධාරීන් ද තහවුරු කළ අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හදිසි රැස්වීමක් ද කැඳවීමට නියමිතය.
මේ අතර, රුසියාව විසින් යුක්රේන අගනුවර වන කිව් වෙත රාත්‍රියේ ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඩ්නිප්රෝ (Dnipro) නදිය හරස් කරන ප්‍රධාන ගමනාගමන මාර්ග වන උතුරු සහ දකුණු පාලම් වසා දමා ඇත.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් 2018 වසරේදී විවෘත කරන ලද මෙම පාලම, යුක්රේන හමුදා විසින් මීට පෙරද අවස්ථා කිහිපයකදී ඉලක්ක කර තිබිණි.
රුසියාව යුද්ධය සඳහා දරන ආර්ථික පිරිවැය ඉහළ නැංවීමට යුක්රේනය තෙල් පිරිපහදු ආදිය ඉලක්ක කරන අතර, ක්රෛමියා පාලමට ප්‍රහාර එල්ල කිරීම හරහා පුටින් වෙත එල්ල වන දේශපාලනික පීඩනය වැඩි කිරීම අපේක්ෂා කෙරේ.
චීන සහ අමෙරිකානු නායකයන් සමඟ පුටින් මහතා හමුවීමට නියමිතව තිබිය දී මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.


