brand logo
logo
 වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීම ගැන ආණ්ඩුව ගන්න යන අලුත්ම තීරණය

වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීම ගැන ආණ්ඩුව ගන්න යන අලුත්ම තීරණය

06 August 2026


දූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට ඉඩ ලබාදෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (06) පාර්ලිමේන්තතුවේදී පැවසීය.


ඒ අනුව, මෙම පනත් කෙටුම්පත යළි සංශෝධනය වනු ඇත.


මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක


"2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත අපේ රට තුළ විශාල වෙනසක් ඇති කළ පනතක්.එම පනතේ 86 සහ 88 වගන්ති අනුව තිබුණු ආකාරය තමයි අපේ රටේ ඉහළ නිලධාරීන් දේශපාලන නායකත්වය මේ සියලු දෙනාම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල තමන්ගේ තොරතුරු ඇතුළත් කරන්න ඕනි කියන එක. ඒ අනුව එම පනතට අනුව ආසන්න වශයෙන් පුද්ගලයින් 300ක් පමණ ජනාධිපතිගේ සිට පහළට මේ තොරතුරු වත්කම් බැරකම් ප්‍රකාශවල සියල්ල ලබාදිය යුතුව තිබුණා. ඒක දිය යුතුව තිබුණේ මුද්‍රිතව. ඉන් පසුව එය සංශෝධනය කලා මෙය ලබාදීමේ ක්‍රමවේදය ඔන්ලයින් ලබා දෙන්න...."  

 

More News..