brand logo
logo
වෑන් රථයක් හා යතුරුපැදියක් ගැටෙයි - තරුණියක් ජීවිතක්ෂයට

වෑන් රථයක් හා යතුරුපැදියක් ගැටෙයි - තරුණියක් ජීවිතක්ෂයට

19 September 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්

ඉන්දියානු සංචරකයන් පිරිසක් රැගෙන නුවරඑළිය දක්වා ධාවනය වූ වෑන් රථයක යතුරුපැදියක් ගැටිමෙන් එම යතුරුපැදිය ධාවනය කල තරුණියක් බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත් වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය.


‍මෙසේ අනතුරින් මිය ගොස් ඇත්තේ නානුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි ගුණසේකරම් දිව්‍යා නැමති 37 හැවිරිදි තරුණියකි.


අද(19) උදැසන 10:00ට පමන මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය දුම්රිය පාලම අසළදීය.


ඉන්දියානු ජාතිකයන් රැගෙන ගිය වෑන් රථයේ රියදුරා‍ගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතු වි ඇති බවත්, අනතුරින් වෑන් රථයට සහ යතුරුපැදියට බරපතල හනි සිදු වි ඇති බවත් නානුඔය පොලිසියේ රථවාහන අංශයේ නිළදාරින් පවසති.


වෑන් රථයේ රියදුරු සැකපිට නානුඔය ‍පොලිිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

 

More News..