brand logo
logo
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

04 August 2026


අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.


2026 ජුලි 27 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇති අනුමැතියට අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ නිෂ්කාශනය ලබා දී ඇත.


නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද අදාළ සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරියේදී රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමට නියමිතය.


ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව, අනුමැතිය සඳහා එම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.


අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අනුමැතිය ලබා දී තිබේ.

 

More News..