මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න නව හමුදාපති ලෙස පත් කෙරේ
31 July 2026
මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න නව හමුදාපති ලෙස පත් කෙරේ
31 July 2026
මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා නව හමුදාපතිවරයා ලෙස පත් කර තිබේ.
මෙම පත්කිරීමත් සමඟ ඔහු ලුතිනන් ජෙනරාල් ධුරය දක්වා උසස් කෙරෙනු ඇත.
මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඒ මහතා, මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
පාඨමාලා අංක 34 යටතේ යුද හමුදාවට බැඳී ඇති නිලන්ත ප්‍රේමරත්න මහතා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන්ද කටයුතු කර තිබේ.

