roadBlockMobile
brand logo
logo
ජැෆ්නා පිලට කඩුළු 7ක ජයක්

ජැෆ්නා පිලට කඩුළු 7ක ජයක්

10 July 2024

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග පැවැති තරගය කඩුළු 7කින් ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද සමත් විය.


එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 188ක් රැස්කර ගත්තේය.


කලම්බෝ පිල වෙනුවෙන් ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 58ක් රැස්කර ගැනීමට සමත් විය.


අනතුරුව පිටියට පැමිණි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3කදි කඩුළු 3ක් දැවී ලකුණු 190ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.


ජැෆ්නා පිල වෙනුවෙන් රයිලි රොසෝව් නොදැවී පන්දු 50කදි ලකුණු 108ක් රැස්කර ගැනීමට සමත් විය.


ඊට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 12ක් ද ඇතුළත් වේ.


ඔහුට අනගි සහායක් ලබාදුන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 35කදි ලකුණු 58ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ද සමගිනි.

 

More News..