brand logo
logo
ජැෆ්නා රජවරුන්ගේ පිතිකරු බලඇණිය අසරණ වෙයි

ජැෆ්නා රජවරුන්ගේ පිතිකරු බලඇණිය අසරණ වෙයි

08 August 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ



ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන 2026 එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 19 පන්දු 3කදී ලකුණු 123කට සියලු දෙනා දැවී ගියේය.


ඒ අනුව මෙය ජැෆ්නා කණ්ඩායම මෙම එල්.පී.එල් තරගාවලියේ ඉනිමකදී ලැබූ අවම ලකුණු එකතුව බවටද පත්විය.


පිතිකරුවන්ට වැඩි වාසි හිමිකරදෙන ස්වභාවයකින් සැකසුණු තණතිල්ලේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ කිසිදු පැකිලීමකින් තොරව පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත්තේ, එමගින් පීඩනයකින් තොරව පිත්ත හැසිරවීමට හැකිවීමටත් ප්‍රතිවාදීන් මත ලකුණු පුවරුවේ පීඩනය පැටවීමටත් හැකි බව ප්‍රකාශ කරමිනි.


නමුත් ගෝල් නායක දසුන් විසින් සිය දඟ පන්දු යවන්නන් යොදාගනිමින් පන්දු යැවූ ඉනිම ආරම්භයේදීම අවිශ්ක ප්‍රනාන්දු සහ කවාජා නෆායිගේ කඩුලු පිළිවෙලින් තරිදු රත්නායක සහ චරිත් අසංක විසින් දවාගැනීමත් සමගම ජැෆ්නා හී සැලසුම අවුල් විය. ඒ අනුව පවර්ප්ලේ අවස්ථාව අවසන් වන විට ජැෆ්නා ලකුණු පුවරුව ලකුණු 41ට කඩුලු 2ක් වශයෙන් සටහන් වුණි. මෙය මෙවරට එල්.පී.එල් තරගාවලියේ ජැෆ්නා කණ්ඩායම වෙතින් පවර් ප්ලේ අවස්ථාවකදී වාර්තා වූ අවම ලකුණු සංඛ්‍යාව විය.


අනතුරුව අසලංක ප්‍රමුඛ ගෝල් දඟපන්දු යවන්නෝ ප්‍රතිවාදීන් මත සිය ආධිපත්‍යය දිගින් දිගටම රඳවාතබමින් ලකුණු 68ක් තුළ ජැෆ්නා පිලේ මුල් කඩුලු 5ම සියතට ගත්හ.


සුපිරි සැලැසුමක අනුව පන්දු යවන්නන් රැඳවූ ගෝල් නායක දසුන් ශානක, එශාන් මාලිංග ප්‍රමුඛ සිය වේග පන්දු යවන්නන්ගෙන්ද උපරිම ප්‍රතිඵල නෙලාගනිමින් එක පිට එක ජැෆ්නා කඩුලු බිද හෙලද්දී එම කණ්ඩායමේ පළමු කඩුල්ල හැරුණු විට සෙසු එකදු කඩුල්ලකට හෝ ලකුණු 20 ඉක්මවා ගිය සබවදතාවක් පිහිටුවීමට අවස්ථාව නොලැබුණි. එසේම ඉකුත් ක්වලිෆයර් තරගයේදී හයේ පහර 16ක් සහ හතරේ පහර 19ක් එල්ල කරමින් මෙම තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු වාර්තා කළ ජැෆ්නා කණ්ඩායමෙන් මෙම අවසන් මහා තරගයේදි එල්ල වූයේ හයේ පහර 2ක් හතරේ පහර 10ක් පමණි.


 ලකුණු 05ක් ලබා සිටි කමිල් මිශාරගේ පිත්තෙන්, පන්දු යවමින් සිටි චරිත් අසලංක අතට ඇදීගිය උඩපන්දුව අතහැරීම හේතුවෙන් ලකුණු 41ක් ලබමින් ජැෆ්නා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. චරිත් අසලංක සහ එෂාන් මාලිංග කඩුලු 3 බැගින් දවාගත්හ.


 

More News..