brand logo
logo
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

04 November 2026

දිවයිනට බලපා ඇති කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම අනතුරු ඇඟවීම අද (04) පස්වරු 4:00 සිට හෙට (05) පස්වරු 4:00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.


ඒ අනුව, ප්‍රදේශ කිහිපයක් සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම් (Alert සහ Watch) යටතේ පහත පරිදි නිවේදන නිකුත් කර ඇත.

මට්ටම 2 - අවධානම් (Amber)

මාතර දිස්ත්‍රික්කය: කොටපොළ

නුවරඑළිය දිස්ත්‍රික්කය: නිල්දණ්ඩාහින්න

රත්නපුර දිස්ත්‍රික්කය: කලවාන සහ ගොඩකවෙල

මට්ටම 1 - විමසිලිමත් වන්න (Yellow)

බදුල්ල දිස්ත්‍රික්කය: වැලිමඩ, හපුතලේ, ඇල්ල, පස්සර, කන්දකැටිය, හල්දුම්මුල්ල සහ මීගහකිවුල

මහනුවර දිස්ත්‍රික්කය: යටිනුවර, මාදම්පේ, හතරලියැද්ද, තුම්පනේ, උඩුනුවර, දොළුව, මැදදුම්බර සහ උඩදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය: රඹුක්කන, රුවන්වැල්ල, අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය, කෑගල්ල සහ මාවනැල්ල

මාතලේ දිස්ත්‍රික්කය: පල්ලේපොළ

නුවරඑළිය දිස්ත්‍රික්කය: අම්බගමුව, නෝර්වුඩ්, වලපනේ, හඟුරන්කෙත සහ කොත්මලේ බටහිර

රත්නපුර දිස්ත්‍රික්කය: කහවත්ත සහ පැල්මඩුල්ල

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් ආපදා කළමනාකරණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

More News..