brand logo
logo
 වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනයට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනයට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

29 August 2026


කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සීගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය ජූලි 23 වනදා කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් තිබුණි.


පසුව ඔහුගේ සිරුර ඇහැලියගොඩ, ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක තිබී පොලිසිය විසින් සොයා ගත්තේය.


සිද්ධියට අදාළව මීට පෙරද සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ වී ප්‍රදේශයෙන් පළාගොස් සිටි සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය දීර්ඝ විමර්ශනයක් සිදුකර තිබුණි.


ඒ අනුව සැකකාර චීන ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහයද ඉල්ලා තිබුණි.


එවන් පසුබිමක් තුළ ඊයේ (28) සීගිරිය ප්‍රදේශයේ අවන්හලක සැඟව සිටියදී මෙම චීන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.


සැකකරුවන් අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

More News..