brand logo
logo
පොත් මත පනවා ඇති වැට් බද්දට ඉදිරි අයවැයෙන් සහනයක්

පොත් මත පනවා ඇති වැට් බද්දට ඉදිරි අයවැයෙන් සහනයක්

25 September 2026


පොත් සඳහා දැනට පනවා ඇති වැට් බද්ද එළැඹෙන අයවැය තුළින් යම් වෙනසක් කිරීමට උපරිම උත්සාහ ගන්නා බවත්, ඒ පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.


අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 27 වැනි වරටත් සංවිධානය කරන ලද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) උදෑසන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.


"ජනාධිපතිතුමා කතාකරලා කිව්වාඋපරිම උත්සාහ ගන්නවා සහ හැකිවෙයි කියලා එළඹෙන අයවැය තුළින් පොත් වෙනුවෙන් දැනට පනවා තිබෙන වැට් බද්දට වෙනසක් කරන්න. ඒ බලාපොරොත්තුව දෙන්න කියලා කියන්න කිව්වා" යැයි ඇය පැවසීය.


මෙම ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ආරම්භ විය.

 

More News..