Best News Website award
brand logo
logo
ඉදිකිරීම් කර්මාන්තයේ ගැටලු විසඳීමට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ නව ඒකකයක්

ඉදිකිරීම් කර්මාන්තයේ ගැටලු විසඳීමට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ නව ඒකකයක්

18 November 2026


රාජ්‍ය අංශයේ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ මතුවන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය සහය ලබාදීම වෙනුවෙන් ඉදිකිරීම් කර්මාන්ත පහසුකම් ඒකකය ( Builders gateway ) මේ මස 20වෙනිදා පෙරවරු 10.00 ට හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ වියාසා මධ්‍යස්ථානයේදී විවෘත කරන බව දැනුම් දී තිබේ.


නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු ඇතුළු ආරාධිතයින්ගේ සභාගිත්වයෙන් මෙම ඒ්කකය විවෘත කිරීමට නියමිතව ඇත.


රජයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල සිට ඉතාමත් කුඩා ව්‍යාපෘති දක්වා සියලුම ඉදිකිරීම්වලට අදාළ ගැටලු සඳහා මැදිහත්ව විසඳුම් ලබාදී ඒවා කාර්යක්ෂමව අවසන් කිරීමට සහය වීම, මෙම ඒකකය ස්ථාපිත කිරීමේ අරමුණ වේ.


මෙම ආයතනයට තමන්ගේ ගැටලු Builders gateway ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන https://nbfc.presidentsoffice.gov.lk/BuildersGateway වෙබ් අඩවිය ඔස්සේ හෝ info.nbfc@presidentsoffice.lk ඊ -මේල් මගින් හෝ මෙම මස 20 වැනිදායින් පසුව ඉදිරිපත් කළ හැකිය.


එසේම 9411 267 2750 දුරකථනයට අමතා හෝ 94 77 354 3495 අංකයට වට්ස්ඇප් කර හෝ යොමු කළ හැකිය.


එසේත් නොමැති නම් C80, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ 07, යන ලිපිනයට ලිපියක් මගින් හෝ එම ස්ථානයට පැමිණ හෝ ඉදිරිපත් කළ හැකිය.

මෙම ඒකකය ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය සහිතව ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (VIYASA) යටතේ ක්‍රියාත්මක වනු ඇත.

 

More News..