එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදැක්වෙයි
01 October 2026
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදැක්වෙයි
01 October 2026
2027 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ සහ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ.
දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලිය 2027 ඔක්තෝබර් 2 වැනිදා සිට නොවැම්බර් 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
කණ්ඩායම් 14ක් සහභාගී වන තරගාවලියේ කණ්ඩායම් 6 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ මූලික වටයේ තරග පැවැත්වේ.
ශ්‍රී ලංකාව B කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර එම කාණ්ඩයට බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය ද ඇතුළත් වේ. එම කාණ්ඩයේ අනෙක් ස්ථානය සුදුසුකම් ලබන කණ්ඩායමක් විසින් හිමිකර ගනු ඇත.
A කාණ්ඩයට ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ ඇතුළත් වන අතර, අනෙක් ස්ථානය සුදුසුකම් ලබන කණ්ඩායමකට හිමි වේ.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 17 වැනිදා කේප්ටවුන්හිදීත්, දෙවැනි අවසන් පූර්ව තරගය නොවැම්බර් 18 වැනිදා ට්ෂ්වානේහිදීත් පැවැත්වීමට නියමිතය.
2027 ලෝක කුසලාන අවසන් මහා තරගය නොවැම්බර් 21 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වේ.

