සෞඛ්යාරක්ෂිත නොවන ආහාර අලෙවිසැල්වලට එරෙහිව නීතිමය පියවර
24 November 2026
සෞඛ්යාරක්ෂිත නොවන ආහාර අලෙවිසැල්වලට එරෙහිව නීතිමය පියවර
24 November 2026
මන්නාරම නගර සභා බල ප්‍රදේශයේ පිහිටි ආහාර පිළියෙළ කර අලෙවි කරන ස්ථාන 05ක් ඊයේ (23) මන්නාරම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ.
මහජන සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල විය හැකි ආකාරයෙන් ඇතැම් ආපනශාලා පවත්වාගෙන යන බවට එහිදී අනාවරණය වී ඇති අතර, සෞඛ්යාරක්ෂිත නොවන තත්ත්වයන් සහ අඩුපාඩු රැසක් හඳුනාගෙන ඇත.
වෙළෙඳ බලපත්‍ර නොමැතිව ව්‍යාපාර පවත්වාගෙන යෑම සහ ආහාර සුරක්ෂිතතාවට අදාළ ලියාපදිංචි කිරීම් හා වාර්තා ඇතුළු නීතිමය අවශ්‍යතා නිසි පරිදි පවත්වාගෙන නොයෑම ඒ අතර වේ.
එමෙන්ම, ආහාර පරිහරණය කරන සේවකයින් සතුව තිබිය යුතු වෛද්‍ය පරීක්ෂණ සහතික නොමැති වීම සහ ආහාර පිළියෙළ කිරීමේදී පුද්ගලික සනීපාරක්ෂක ක්‍රමවේද නිසි ලෙස අනුගමනය නොකිරීමද වාර්තා වී තිබේ.
ආහාර සකස් කරන ස්ථානවල ප්‍රමාණවත් පිරිසිදුභාවයක් නොමැති වීම මෙන්ම ඒ සඳහා භාවිත කරන භාජන සහ උපකරණ සනීපාරක්ෂක තත්ත්වයක නොපැවතීමද පරීක්ෂාවේදී නිරීක්ෂණය වී ඇත.
තවද, ආහාර ද්‍රව්‍ය නිසි පරිදි ආවරණය කර හෝ ආරක්ෂිතව ගබඩා කර නොතිබීම, අමු ආහාර සහ පිසූ ආහාර වෙන් කර නොතැබීම සහ මැස්සන්, කැරපොත්තන් ඇතුළු කෘමීන්ගෙන් ආහාර දූෂණය විය හැකි අවදානම් තත්ත්වයන් පැවතීමද හඳුනාගෙන තිබේ.
අපද්‍රව්‍ය සහ අපජලය නිසි පරිදි බැහැර නොකිරීම හේතුවෙන් පරිසර දූෂණයක් මෙන්ම සෞඛ්‍ය අවදානමක් ඇතිවිය හැකි වටපිටාවක් බොහෝ ස්ථානවල පැවති බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරන්නේ, මහජන පරිභෝජනය සඳහා ආහාර පිළියෙළ කර අලෙවි කරන සියලුම ආයතන ආහාර සුරක්ෂිතතා නීති සහ සෞඛ්‍ය ප්රමිතීන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බවයි.
අඩුපාඩු සහිතව පවත්වාගෙන යන ආහාර අලෙවි ස්ථාන පිළිබඳව අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන බවත්, නීති විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව අදාළ නීති රෙගුලාසි යටතේ ඉදිරි නීතිමය පියවර ගන්නා බවත් බලධාරීහු දැනුම් දෙති.
මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් පිරිසිදු, ආරක්ෂිත සහ නීත්‍යානුකූල ව්‍යාපාරික පරිසරයක් පවත්වාගෙන යෑම සියලුම ආහාර ව්‍යාපාරිකයින්ගේ වගකීමක් බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.


