දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් 463ක් අත්අඩංගුවට
28 September 2026
දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් 463ක් අත්අඩංගුවට
28 September 2026
දිවයින පුරා පොලිසිය ඊයේ (27) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 26,606 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී සැකකරුවන් 463 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළේය.
ඒ අතර අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් 12 දෙනෙකු, දින වරෙන්තුකරුවන් 360 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 165 දෙනෙකු සිටිති.
තව ද බීමත් රියදුරන් 324 දෙනෙකු සහ අපරික්ෂාකාරි රිය පැදවීම්වලට පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

