පොලිසියේ ලොකු පුටු තුනක් සෙලවෙයි
28 September 2026 | එෆ්. අස්ලම්/ නයෝමි කරුණාසිංහ
පොලිසියේ ලොකු පුටු තුනක් සෙලවෙයි
28 September 2026 | එෆ්. අස්ලම්/ නයෝමි කරුණාසිංහ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සඳහා ඉදිරියේදී ස්ථාන මාරුවීම් ලබා දීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
ආයතනික අවශ්‍යතාවන් මත සිදු කිරීමට නියමිත මෙම ස්ථාන මාරුවීම්වලට අදාළව දැනට අපරාධ භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඌව පළාත සඳහාත්, ඌව පළාත භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උතුරු මැද පළාත සඳහාත් මාරු කර යැවීමට නියමිතය. එමෙන්ම උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට යෝජනා වී ඇත.
මෙම ස්ථාන මාරුවීම්වලට අදාළ ලිපිගොනු මේ වන විටත් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර, එම අනුමැතිය හිමිවීමෙන් පසුව ඉදිරි දින කිහිපය තුළ අදාළ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් මෙන්ම දිස්ත්‍රික් භාර නිලධාරීන්ද සිටින බවද පොලිස් ආරංචිමාර්ග කියා සිටියි.
පොලිස්පතිවරයා විසින් අදාළ ස්ථාන මාරු නිර්දේශ ජාතික පොලිස් කොමිෂන් සහාව වෙත යොමු කිරීමට නියමිතය.
වසර තුනකට වැඩි කාලයක් එකම ස්ථානයක රාජකාරී කරන නිලධාරීන් හා අකාර්යක්ෂම නිලධාරීන් මෙලෙස මාරුවීම් ලැබීමට නියමිත බවද වාර්තා වේ.

