ගිං, අත්තනගලු, කළු සහ නිල්වලා සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කරයි
16 November 2026
ගිං, අත්තනගලු, කළු සහ නිල්වලා සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කරයි
16 November 2026
ගිං ගඟ, අත්තනගලු ඔය, කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සහ නිල්වලා ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ගංගා ද්‍රෝණිවල ජල මට්ටම මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් මෙම තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඒ අනුව අදාළ අනතුරු ඇඟවීම් අද (16) පස්වරු 03.00 සිට බලාත්මක වන බව සඳහන්ය.
දිවයින පුරා වර්ෂාපතන තත්ත්වයේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් සහ ගංගාවල ජල මට්ටම්වල සිදු වන වෙනස්කම් සම්බන්ධයෙන් ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිරන්තර අවධානයෙන් පසුවනු ඇත.
ගංවතුර තත්ත්වයක් ඇතිවන්නේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීම සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.


