brand logo
logo
කටුනායක ගුවන් තොටුපොළෙන් විශේෂ දැනුම්දීමක්

කටුනායක ගුවන් තොටුපොළෙන් විශේෂ දැනුම්දීමක්

01 March 2026

මැදපෙරදිග කලාපයේ සියලුම රටවල ගුවන් අවකාශයන් වසා දැමීම හේතුවෙන්, කටුනායක ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග බලා පිටත්වීමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් අද (01) පස්වරු 05.00 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.


කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරියා සඳහන් කළේ, අද උදෑසන 06.15 වන විට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් 18ක් සහ පිටත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන් 25ක් මේ වන විටත් අවලංගු කර ඇති බවයි.


ඊයේ (28) දහවල් කටුනායකින් මැදපෙරදිග බලා නික්මුණු ෆිට්ස් එයාර් (FitsAir) සහ එයාර් ඇරේබියා (Air Arabia) යන ගුවන් යානා දෙක ද ගුවන් සීමා අවහිර වීම හේතුවෙන් යළි කටුනායක වෙත පැමිණ තිබේ.


මැදපෙරදිග හෝ එම කලාපය හරහා වෙනත් රටවල් බලා යාමට සැලසුම් කර ඇති මගීන් සඳහා ගුවන් තොටුපොළ බලධාරීන් විශේෂ දැනුම්දීමක් සිදු කරයි:


ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර අදාළ ගුවන් සමාගම් නියෝජිතයන් සම්බන්ධ කරගන්නා ලෙසත්, තම විද්‍යුත් තැපෑල (Email) සහ කෙටි පණිවිඩ (SMS) මගින් ලැබෙන යාවත්කාලීන කිරීම් පරීක්ෂා කරන මෙන් ගුවන් තොටුපොළ බලධාරීන් දැනුම් දෙයි.


මේ අතර පවතින තත්ත්වය මත මෙරටින් බැහැර වීමට නොහැකිව සිටින විදේශීය සංචාරකයින් සඳහා දින 07ක වීසා සහන කාලයක් ලබා දීමට ආගමන විගමන පාලක ජනරාල්වරයා පියවර ගෙන ඇත.


මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් අඩාල වුවද, ඕස්ට්‍රේලියාව, චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය, ප්‍රංශය, එංගලන්තය සහ ජර්මනිය යන රටවල් සමඟ ක්‍රියාත්මක වන ගුවන් මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවන බව බලධාරීන් තහවුරු කරයි.



 

More News..