මෙම වසරේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහස් ගණනක් සහ මත් කරල් ලක්ෂ 45ක් පොලිස් භාරයට
27 November 2026
මෙම වසරේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහස් ගණනක් සහ මත් කරල් ලක්ෂ 45ක් පොලිස් භාරයට
27 November 2026
මෙම වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 2,982කට අධික තොගයක් පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
අද (27) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණය කළේය.
එම කාලසීමාව තුළ 'අයිස්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,758කට වැඩි ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් 11,328කට වැඩි ප්‍රමාණයක් සහ කොකේන් කිලෝග්‍රෑම් 303කට වැඩි ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව සමාජය තුළ සංසරණය වන මත් පෙති සහ කරල් පිළිබඳව ද පොලිසිය විශේෂ අවධානයක් යොමු කර තිබේ.
කුඩා දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි කර ගැනීමේ අරමුණින් මෙම මත් කරල් සමාජය තුළ බෙදා හරින බව පෙන්වා දුන් මාධ්‍ය ප්‍රකාශකවරයා, ශ්‍රී ලංකා පොලිසිය විසින් මත් කරල් ලක්ෂ 45කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඊට අදාළව නීතිමය පියවර ගෙන ඇති බව පැවසීය. එලෙස පොලිස් භාරයට ගත් විෂ මත්ද්‍රව්‍ය විනාශ කිරීමට ද පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර, 2025 වසරේ ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් මාලාව යටතේ ඊයේ (26) දිනය දක්වා කාලය තුළ වයස අවුරුදු 21 දක්වා වූ තරුණයින් 11,737 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම, වයස අවුරුදු 18ත් 21ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණියන් 233 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


