PVC ජලනළ හා උපාංගවල ප්රමිතිය පරීක්ෂාවට දිවයින පුරා වැටලීම්
19 October 2026 | ගයාත්රි ගීගනආරච්චි
PVC ජලනළ හා උපාංගවල ප්රමිතිය පරීක්ෂාවට දිවයින පුරා වැටලීම්
19 October 2026 | ගයාත්රි ගීගනආරච්චි
ශ්රී ලංකා ප්රමිති ආයතනයේ ලාංඡනය නොමැති PVC ජලනළ හා සන්ධි උපාංග අලෙවියට එරෙහිව දිවයින පුරා ක්රියාත්මක කරන ලද විශේෂ වැටලීමකදී එම බට සහ සන්ධි උපාංග 1140ක් පාරිභෝගික කටයුතු අධිකාරිය භාරයට ගෙන තිබේ.
පසුගිය 13 හා 14 යන දෙදින පුරා දිස්ත්රික්ක 20ක් ආවරණය වන පරිදි මෙම විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහන ක්රියාත්මක කර ඇත.
මෙහිදී පරීක්ෂාවට ලක්වූ වෙළෙඳ ආයතන 87න් ආයතන 65ක අදාළ භාණ්ඩ මිලදී ගැනීමේ බිල්පත් නොමැති බව අනාවරණය වී තිබේ.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති 2008 සැප්තැම්බර් 08 දිනැති අංක 1566/1 දරන අති විශේෂ ගැසට් පත්රයේ විධාන අංක 25 මගින් අදාළ PVC ජලනළ සහ සන්ධි උපාංග සඳහා ප්රමිති සහතිකකරණ අවශ්යතා නියම කර ඇත.

