ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට තරුණියක් අත්අඩංගුවට
22 July 2024
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට තරුණියක් අත්අඩංගුවට
22 July 2024
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් "ක්ලබ් වසන්ත" ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට තරුණියක් ව අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි තරුණියක් වන අතර ඇය එම ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 8 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේදී ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙකු ඝාතනයට ලක් වුණි.
ගායන ශිල්පීනි කේ. සුජිවා ඇතුළු තවත් සිව් දෙනෙකු එම වෙඩි තැබීමෙන් තුවාල ලැබු අතර ඔවුන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් රක්ෂිත බන්ධානාගාර ගත කර තිබේ.
ඊයේ (20) දිනයේ දී අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අතුරුගිරිය පොලීසිය වෙත භාරදී ඇති අතර ඇය අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් ද මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.