ඉන්දීය අගමැති ස්ලෝවැකියාවට
15 June 2026
ඉන්දීය අගමැති ස්ලෝවැකියාවට
15 June 2026
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්ලෝවැකියාවේ බ්‍රැටිස්ලාවා අගනුවර බලා පිටත්ව ගොස් තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ස්ලෝවැකියාවට පැමිණියේ, ස්ලෝවැකියා අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝගේ විශේෂ ආරාධනයකට අනුවය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ස්ලෝවැකියාවේ සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
අග්‍රාමාත්‍ය මෝදි තෙදිනක් ස්ලෝවැකියාවේ රැඳී සිටිනු ඇත.
මෙම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ස්ලෝවැකියා අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ සහ එරට ජනාධිපති පීටර් පෙලෙග්‍රිනි හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡා ප්‍රධාන වශයෙන්ම වෙළෙඳ, ආයෝජන, නවෝත්පාදන, මෝටර් රථ නිෂ්පාදන, දුම්රිය මාර්ග සංවර්ධනය සහ අනෙකුත් උපායමාර්ගික ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීම කෙරෙහි යොමු වනු ඇත.

