වාහනවලට ණය දෙන්න චක්‍රලේඛයක්
21 November 2026 | සාලිය කුමාර ගුණසේකර
වාහනවලට ණය දෙන්න චක්‍රලේඛයක්
21 November 2026 | සාලිය කුමාර ගුණසේකර
වාහනයේ වටිනාකම මත ලබා දෙන ණය අනුපාතිකය (loan to value ratios) සම්බන්ධ මාර්ගෝපදේශ මගහැර ඇතැම් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන සිය ගනුදෙනුකරුවන්ට අනිසි ආකාරයෙන් ණය ලබාදීම වැළැක්වීම සඳහා එම ආයතනවලට නව චක්‍රලේඛයක් නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය සී. අමරසේකර පැවසීය.
වාහනයේ වටිනාකම මත ලබා දෙන ණය අනුපාතිකය සම්බන්ධ මාර්ගෝපදේශ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වාදී තිබිණි.
මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය සී. අමරසේකර මෙසේ කියා සිටියේය.
"අපි දැක්කා සමහර බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන, අපි ඉස්සෙල්ලා හඳුන්වාදී තිබූ වාහනයේ වටිනාකම මත ලබා දෙන ණය අනුපාතිකය, එක එක ක්‍රමවලින් මගහැරලා ණය දෙන්න, එක එක ක්‍රම පාවිච්චි කරනවා. එක ක්‍රමයක් තමයි තක්සේරුව (valuation) වෙනස් කරන එක. ඒක නිසා අපි ඒක formalize කරන්න කරපු දෙයක් මේ අලුත් චක්‍රලේඛය. ඒකෙන් අපි කියලා තියෙන්නේ මම හිතන්නේ ලොකුම වෙනස් කම තමයි brand new vehicles වලට අන්වාර්යෙන් Tax invoice එක මත පදනම් කරගෙන Tax invoice එකේ තියන value එක මත පදනම් කරගෙන තමයි loan to value ratios එක මත ණය ප්‍රමාණය තීරණය වෙන්න ඕන කියන එක."
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ සම්බන්ධව මෙසේ කියා සිටියේය.
"අපිට පැමිණිලි ලැබිලා තියනවා, විශේෂයෙන්ම සමහර ආයතන විසින් අර value එකෙන්නේ වටිනාකම අරගෙන ණය දෙන්නේ. ඒ වටිනාකම නියමිත වටිනාකම නෙවෙයි. ඊට වඩා වැඩිපුර අධිතක්සේරු කළ වටිනාකමක් පෙන්වලා, ඒකෙන් ණය ගන්නවා කියන එක. ගන්න කෙනාටත් අවදානමක්. ණය දෙන කෙනාට විදියට බැංකුවටත් ඒක අවදානමක්. එතකොට ඒක වැළැක්වීම සඳහා තමයි මේක අරගෙන ආවේ. විශේෂයෙන් අධිතක්සේරු කරලා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ණය ගැනීම වැළැක්වීමට තමයි ඒක ගෙනාවේ. ඒක මොටර් රථවලට පළමුවත්, තව එක දිගටම තිබුණොත් අනිත් ඒවටත් ගේන්න බලාපොරොත්තු වෙනවා."යැයිද මහ බැංකු අධිපතිවරයා පැවසුවේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණි.


