Best News Website award
brand logo
logo
සංචාරක අංශය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

සංචාරක අංශය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

12 November 2026

සංචාරක අංශය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා


මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට සංචාරකයින්ගේ පැමිණීමෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 2,245කි.

සිංහරාජ සදාහරිත වර්ෂා වනාන්තරය කේන්ද්‍ර කරගනිමින්, Southern Mist Triangle ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනයට රු. මිලියන 300ක්.

මධ්‍යගත මාර්ගගත ඊ - ටිකට්පත් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් සපයනු ලබන රු. මිලියන 133ක ප්‍රාග්ධන දායකත්වයට අමතරව රු. මිලියන 35ක් වෙන් කරේ.

කොළඹ කොටුව ආශ්‍රිතව පිහිටි ඓතිහාසික හා පෞරාණික ගොඩනැඟිලි ඒවායේ ඓතිහාසික වටිනාකම් ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කර සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරනවා.

ශ්‍රී ලංකාව ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට විශේෂිත පුහුණුවක් ලබාදීම, බහුභාෂා හැකියාවන් සහිත නිලධාරීන් යෙදවීම, ප්‍රධාන සංචාරක ස්ථාන ආශ්‍රිතව විශේෂ මුර සංචාර ඒකක පිහිටුවීම සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන සංචාරක හදිසි දුරකථන ඇමතුම් සේවාවක් හා ජංගම යෙදුමක් හඳුන්වාදීම මඟින් සංචාරකයන්ට කඩිනම් සහ කාර්යක්ෂම ආරක්ෂක සේවාවක් සැලසීම.

 

More News..