ග්‍රෙගරි වැව අසල පෝනියෙකුට පහරදුන් තරුණයා අත්අඩංගුවට
28 August 2026
ග්‍රෙගරි වැව අසල පෝනියෙකුට පහරදුන් තරුණයා අත්අඩංගුවට
28 August 2026
නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව පෝනි සංචාර සඳහා යොදා ගන්නා පෝනියෙක්ට තරුණයෙකු විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති 26 හැවිරිදි තරුණයා නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු නුවරඑළිය ස්ට්‍රාබැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (28) දිනයේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

